අහස පොළව වටපිටාව . . . Ahasa Polawa Watapitawa . . .

ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක් . . . . . . . . . //
කණක මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් . . .. . .
ඇළක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැදෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා
ගායනය : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment