Friday, December 4, 2015

මං බොලද වියේ . . . Man Bolada Viye . . .

මං බොලද වියේ බැදි ආදරේ                                              
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...


ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් මුසුවේවී මදනල අතරේ...

අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ...

මං බොලද වියේ...


ගායනය - ෂර්ලි වෛජයන්ත


No comments:

Post a Comment