මන්දාරම් වැහි වැටෙනා . . . Mandaram Wahi Watena . . .

මන්දාරම් වැහි වැටෙනා
සිතල හැන්දෑවේ
මා අසලින් රැදී උණුසුම ඔබ විය
නුබයි මගේ අම්මා

සද හාවුන් හඩනා කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සදකැන් ඔබ විය
නුබයි මගේ අම්මා

ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දසමාසේ ඉහිලු බරට
ණයගැතියි ජිවිතෙන් මා


අම්මේ මා නුබට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුබයි

අම්මේ නුබ මගේ රැජිනයි
සංසාරයේ මා නුබ ළගයි


කුණාටු සාගරයේ
රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුබයි මගේ අම්මා


දාහය වැහෙනා ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුබයි මගේ අම්මා




Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Mey Rata Mage Rata . . .

සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .

ලෝනා මුනි රාජගේ . . . Lona Muni Rajage . . .