වහින්නට හැකි නම් . . . Wahinnata Haki Nam . . .

වහින්නට හැකි නම් ගිගුම් දී...
වියළි ගම් බිම් වලට ඉහළින්                                             
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්..

රැඳෙන්නට හැකි නම් ළමා කැළ
හඬන දෙතොළග සිනාවක් වී...
පිපෙන්නට හැකි නම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී...

වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්..

නිදන්නට හැකි නම් දෙනෙත් තුළ
සැබෑවන සුබ සිහිනයක් වී...
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...

වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්..


ගයනාව : නන්දා මාලිනි



Comments

Popular posts from this blog

සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .

මිනිසා සුවඳයි . . . Minisa Suwadai Mala Se . . .

මේ රට මගෙ රට . . . Mey Rata Mage Rata . . .