මවකගෙ උණුසුම නොලබා . . . Mawakage Unusuma Nolaba . . .

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිඟිති පුතේ මගෙ පාලුව මැකේ . . . . . . /
හිතේ තියෙන පාලු ගතිය මග හරින්න පුතේ සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ අප දෙන්නා අඳුරු ලොවට තනිකරදා පුතේ නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
මාහට දී ඔයා ඈ සුරලොව ගියා සුරවිමනක වැදී මගෙ රන්කඳ නිදී තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ ඔබ නැත්නම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ කොහොමද මම සිහිකරන්නේ පුතුගෙ උපන් දිනේ මා හට දී ඔයා ඇ සුරලොව ගියා . . . . / ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ සුරවිමනක වැදී මගෙ රන්කඳ නිදී . . . . . //
ගායනය - කේ. සේන