Monday, December 7, 2015

ඉරක් පායනා දේශය . . . Irak Payana Deshaya . . .

ඉරක් පායනා දේශය                                                       
ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී . . . . . //

ජාතියේ උදා ලෝකය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්. . . . . . //
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම් . . . . . .

විදෙස් දේශයන් අබියස
නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි
ඳිනු මම කෙසේ . . . . . //

ජාතියේ මහා මානය
මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම් . . . . . . . //
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී . . . . . . . //



ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක


Friday, December 4, 2015

මං බොලද වියේ . . . Man Bolada Viye . . .

මං බොලද වියේ බැදි ආදරේ                                              
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...


ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් මුසුවේවී මදනල අතරේ...

අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ...

මං බොලද වියේ...


ගායනය - ෂර්ලි වෛජයන්ත


සඳයි තරුයි නිසංසලේ . . . Sadai Tharui . . .

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා                                               
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා . . . . . //
මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි . . . . . . //
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා . . . . . .

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ . . . . . . . . . //

හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා . . . . . //



ගායනය - සෝමසිරි මැදගෙදර


කෙලෙසක කීවත් . . . Kelesaka Kiwath . . .

කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය                                            
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ . . . . . . .//

යාදනියක සේ මා ලග දෑවටී
සෙනෙහස පෑතු ඒ දිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නෑතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය . . . . . . .

අසන හෑම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බෑදි පෙම සගවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ . . . . . .

කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය . . . . . . .



ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි



අනාත මාරුතේ කුණාටු සාගරේ . . . Anatha Maruthee . . .

අනාත මාරුතේ කුණාටු සාගරේ                                                  
දිවිය ති‍යෙන තුරු මගේ 

ඔබයි ආදරේ .......... //

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපාමැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ . . . . .

අනාත මාරුතේ කුණාටු සාගරේ .............

හිතරිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙනන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..........

අනාත සාගරේ කුණාටු මාරුතේ........... //



ගායනය - රුකාන්ත ගුනතිලක





සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .

සිරිපාදේ වන්දවන්න                                                                             හිස ඔලියල් බැදලා 
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

සිරිපාදේ වන්දවන්න . . . . . .

ගෑනු අපට සංසාරේ බර සැහල්ලු වෙන්න්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

සිරිපාදේ වන්දවන්න . . . . . .


ගායනය - නෙරංජලා සරෝජනී


ඔබ මා හමුවුන . . . Oba Maa Hamu Una . . .

ඔබ මා හමුවුන මේ ඉර හද යට                                          
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී . . . . . . //

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල . . . . . . . //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී . . . . . /

ඔබ මා හමුවුන මේ ඉර හද යට

කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි . . . . . //
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී . . . . . . /

ඔබ මා හමුවුන මේ ඉර හද යට ...........



ගායනය - කරුණාරත්න දිව්ල්ගනේ






රාත්‍රිය වී . . . Rathriya Wee . . .

රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්                                              
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සදුනේ
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

රාත්‍රිය වී .............

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝණ කළුවර ...........//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කදුළු කතාවක කෙළවර
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර

රාත්‍රිය වී ............

කළා සොලොස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද ............//
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිදී සිත පිළිසිද
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර

රාත්‍රිය වී ........... //



ගායනය - දිපිකා ප්‍රියදර්ශනි




Thursday, December 3, 2015

දසිස් දිනා රුපු . . . Dasis Dina Rupu . .

දසිස් දිනා රුපු රජුන් නසා...                                            
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..//

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බැහැර නොව
හිඳින් මගේ දුක කිරුල දරා...

දසිස් දිනා රුපු රජුන් නසා...
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

දිනු විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා...
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඬා...

දසිස් දිනා රුපු රජුන් නසා...
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..


ගයනාව : සුනිල් එදිරිසිංහ




අහස උසට නැග ගියාට . . . Ahasa Usata Naga Giyata . . .

අහස උසට නැග ගියාට                                                              
නැහැනේ අහසේ රැදෙන්නේ
අහසේ මාළිගා සැදුවට
අපි පොළවෙයි සිටින්නේ . . . . . //

ළඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ . . . . .. //

අහස උසට නැග. . . . . . .

සිමෙන්ති කඳුළින් දියකර
සත් මහලයි තනන්නේ
පලන්චියේ කිරි කිරියයි
අපේ දුකට අඩන්නේ . . . . . . . . . . //

අහස උසට නැග ගියාට . . . . . . . .



ගායනය:- ගුණදාස කපුගේ



හන්තානට පායන සඳ . . . Hanthanata Payana Sada . . .

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න ......
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න.........//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න.......//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න.......

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...//



ගායනය - අමරසිරි පිරිස්








මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී . . . Mal Gumu Gmu . . .

මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී                                      
මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ලා රත තවරන්නී
නෙත ගිය ගිය අත සනසන්නී

මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී



ගයනාව : W.D. අමරදේව



මුව මද හාසේ සීපද රාවේ . . . Muwa Mada Hase . . .

මුව මද හාසේ සීපද රාවේ.....                                     
නිල් කෙතේ.... ඒ නිල් කෙතේ..

මල් වැනි ලස්සන රන් වැනි රුසිරි ආලෝකේ..
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ..

මවුබිමේ ජය ලබන්න දැන් එක් වෙයවූ..එක් වෙයවූ....

මුව මද හාසේ සීපද රාවේ.....
නිල් කෙතේ.... ඒ නිල් කෙතේ...

මුණේ හසරැළි මුකුළු.. දෑතේ දහඩිය පබළු...
ආදරයේ මල් කැකුළු අද රන් කෙත මැද පීදී ඇතිලු...

මල් වැනි ලස්සන රන් වැනි රුසිරි ආලෝකේ..
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ..

මුව මද හාසේ සීපද රාවේ.....
නිල් කෙතේ.... ඒ නිල් කෙතේ..

ආසිරි සුළඟට වැදිලා ආදර සුවඳක් දැනිලා...
ජීවිතයම රසවත් වීලා සුබ මංගල දවසක සිරි මැවිලා....

මල් වැනි ලස්සන රන් වැනි රුසිරි ආලෝකේ..
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ..

මවුබිමේ ජය ලබන්න දැන් එක් වෙයවූ..එක් වෙයවූ..

මල් වැනි ලස්සන රන් වැනි රුසිරි ආලෝකේ..
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ..



ගයනාව: මිල්ටන් මල්ලවාරච්චි







අන්න බලන් බෙර හඬින් උදම් වී . . . Anna Balan Bera Hadin Udam Vi . . .

අන්න බලන් බෙර හඬින් උදම් වී                                           
දෑත දෙපා සෙලවෙන අන්දම්...
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ 
මාලක්කම කැරකෙන අන්දම්...

අනන්ත වූ බර හිසෙන් දරාගෙන 
වෙස් තට්ටුව පැලඳුව සිරසේ..
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙළී ගොස් 
රනේ රුවට නළලත දිලිසේ..

අන්න බලන් බෙර හඬින් උදම් වී 
දෑත දෙපා සෙලවෙන අන්දම්..
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ 
මාලක්කම කැරකෙන අන්දම්...

අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය 
රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ..
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය 
කනට වෙනින් කිසිවක් නෑසේ....

අන්න බලන් බෙර හඬින් උදම් වී 
දෑත දෙපා සෙලවෙන අන්දම්..
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ 
මාලක්කම කැරකෙන අන්දම්...



ගයනාව:එඩ්වර්ඩ් ජයකොඩි


දිනෙක හිරු බැස යන වෙලාවක . . . Dineka Hiru Basa Yana . . .

දිනෙක හිරු බැස යන වෙලාවක                                            
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...//

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක්  විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටු ක්ෂිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යයි

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...//


ගයනාව : වික්ටර් රත්නායක



කදුලු දෙන්න මට හඩන්න . . . Kadulu Denna Mata Hadanna . . .

කදුලු දෙන්න මට හඩන්න                                       
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසලවන්න....

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න .....

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මියයන බව පවසා
ඇය එවන්න මා බලන්න ....



ගායනය : සුනිල් එදිරිසිංහ




අන්න බලන් ඉදිකඩ ළඟ . . . Anna Balan Idikada Laga . . .

අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්                                                        
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//

පුංචි දුවේ නුඹ යනකොට
සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...
ලඳු දෙනි මැද දෙවැට දිගේ
දොළ පාරින් එගොඩ වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...

අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...

එක පුටුවක වාඩි වෙලා
එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...
මං නොදුටුව නව ලෝකය
කිරුළු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...

අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


ගයනාව : දීපිකා ප්‍රියදර්ශනී



වහින්නට හැකි නම් . . . Wahinnata Haki Nam . . .

වහින්නට හැකි නම් ගිගුම් දී...
වියළි ගම් බිම් වලට ඉහළින්                                             
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්..

රැඳෙන්නට හැකි නම් ළමා කැළ
හඬන දෙතොළග සිනාවක් වී...
පිපෙන්නට හැකි නම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී...

වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්..

නිදන්නට හැකි නම් දෙනෙත් තුළ
සැබෑවන සුබ සිහිනයක් වී...
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...

වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්..


ගයනාව : නන්දා මාලිනි



තැන තැන රවුමට ඉඳගෙන . . . Thana Thana Raumata . . .

තැන තැන රවුමට ඉඳගෙන                                                 
ඉඳහිට එබිකම් කර කර                                                                       
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...

පැණි මොර මල් පිපුණු රෑට
කජු පුහුලන් ඉදුණු දාට
පුංචි අපේ සිත් තුල සතුටක් මතු වෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...

ගුණ්ඩු පැනලා නැටුවෙත් අපි
වච්චි කියලා දිව්වෙත් අපි
හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා
වයිවාරන සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා..
.

ගයනාව :එඩ්වඩ් ජයකොඩි



මේ රට මගෙ රට . . . Mey Rata Mage Rata . . .

මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...                          
සරු පස පොළවෙන් වැහි බිඳු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත..

මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත...
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

එඩිතර කම ඇතී කම්මැළි කම නැතී
ළමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...



ගයනාව : මාලනි බුලත්සිංහල





පිපිච්ච මල් උඩ . . . Pipichcha Mal Uda . . .

පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද                              

හිතිච්ච දේ කර දෙයි
මැරිච්ච මල් ටික වැටිච්ච යුරු දැක
බටිච්චියක් දුවතෙයි ........//

පැලිච්ච දන් වල පිරිච්ච පැණි ටික
කිරිල්ලියක් උරතෙයි
තැලිච්ච දන් ගෙඩි විසික්ක කරමින්
නැටිච්චියෙක් නටතෙයි....//

වරිච්ච බිත්තියෙ හැදිච්ච කූඩුවෙ 

කුරුළු පැටවූ නටතෙයි
තනත් තනෙන තම් දනත් තනෙන තම් 

තාලෙට උන් නටතෙයි.....//



ගයනාව - සමිතා මුදුන්කොටුව







වෙසක් ලබනවා . . . Wesak Labanawa . . .

වෙසක් ලබනවා තොරන් බඳිනවා                                       
තැන තැන දන්සල් ඉදිවෙනවා.....
වෙස්සන්තර රජු සිරිසඟබෝ 
රජු ආයෙත් සිරිලක රජ වෙනවා....

වෙසක් ගෙවෙනවා තොරන් ලිහෙනවා 
දන්සල් කාලය නිම වෙනවා....
වෙස්සන්තර රජු සිරිසඟබෝ රජු 
ආයෙත් රජකම හැර යනවා...

වෙසක් කාලෙටයි කාගේත් පිංකම් 
කාට පේන්නද අනෙ මන්දා..
නම්බු රැකීමයි නිවන් දැකීමයි 
එක මග යන්නේ කොහොමද මන්දා..



ගායනාව -  එඩ්වර්ඩ් ජයකොඩි





පුජාසනයේ ඔබ හිඳුවා . . . Pujasanaye Oba Hiduwa . . .

පුජාසනයේ ඔබ හිඳුවා                                                      

ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...

ඉසුරින් කිත් යසසින් බබළනදා
ඔබගේ බැනුමත් ගීයක් වේ...
ඉසුරින් කිත් යසසින් පිරිහුනුදා
සිනාසුනත් එය වරදක් වේ...

පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ...
අතමිට හිඟවී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ...

පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...



ගයනාව : නන්දා මාලිනි





කඩමන්ඩියේ දොල අයිනේ . . . Kadamandiye Dola Aine . . .

මුළු මහත් ලෝකයම ඔබත් මාත් දෙස ඇසිපිය නොහෙලා බලාසිටි - අප කෙසේද කතා බහ කරන්නේ.
මා දැන් ගයන්නේ ඒ අබාග්ගයේ ගීතයි - කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.

කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි                                 


කතා නැතුව සිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී . . . . . . . . .

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා . . . . . . . . .

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි . . . . . . . . . . .



ගායනය : නන්දා මාලනී ගෝකුළ



වෙරළු ගෙඩිය හරි අටකට . . . Weralu Gediya Hari Atakata . . .

වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන..
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන..                                
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන...
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන..

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන..
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසා ගෙන.......//
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන...
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන....

වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන..
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන..
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන...
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන..

තිරිසන් උනෝතින් කිසි හවු හරන නැතී...
ලන්දක කකා ලන්දක කල් යල් අරිතී......//
එක මිහි සයන කාටත් නිති සුවය දෙතී....
බිම් පංගුවට ලොල් වී මල ගම නොයතී.....

වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන..
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන..
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන...
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන..



ගායනය - සුනිල් එදිරිසිංහ



ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම් . . . Sri Sambudda Raja Wadim . . .

ඕ . . . සැ...සි . . . . ඕඕඕ . . . ඕ                                       

ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසි තිලෝනා වඳිම්
හද පුදසුන් සදා
ශ්‍රි බැතිමල් පුදා
මා සෑසි තිලෝනා වදිම්


ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම් . . . . . .
හෝ . . . . හෝ . . . .
ආ ........

අංගුලීමාල නාලාගිරී
ලෝසතුන් රාග පාපෙන් පිරී
අදමි පවීන් දැවූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳිම් සෑමදා

ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම් . . . . . . .

සිව් සැකි සත් කෙලක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදුවූ ලොව් තුරා
දම් රජාණන් වඳිම් සිත් පුරා

මුල් සෙවු වේදනා සාදනා
ඉන් මිදූ සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසු
ලෝ පියාණන් වඳිම් සෑමදා

මා සැසි තිලෝනා වදිම් . . .



ගායනය - සුජාතා අත්තනායක 



ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . Shilpa Sodin Dana . . .


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ                                    
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ . . . . . . . . //

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . . .

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . . . . .



ගයනය - සුනිල් එදිරිසිංහ




වැහි දිය මහ බිම තෙමුවට . . . Wahi Diya Maha Bima Themuwata . . .

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද                                                   
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද . . . . . . . //
විහඟුන් කැල ගී ගැයුවට

ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද . . . . . . //

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න . . . . . . //

වැහි දිය මහ බිම තෙමුවට . . . . .

උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න . . . . . . //

වැහි දිය මහ බිම තෙමුවට . . . . . . . .



ගායනය - දීපිකා ප්‍රියධර්ශනී



කවුළු පියන් පත් වහන්න . . . Kaulupiyan Path Wahanna . . .

කවුළු පියන් පත් වහන්න                                                            

සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ . . . . . . //

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි . . . .

කවුළු පියන් පත් වහන්න . . . . . . . . .

කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

කවුළු පියන් පත් වහන්න . . . . . .



ගායනය - කසුන් කල්හාර



බුදු සාධු . . . Budusadu . . .

බුදු සාධු                                                                                   
සදුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්
ඔබගේ පාමුල සමන් වැලක් වී . . . . . . //
සුවද මලින් සරසෙන්නම්

බුදු සාධු . . . . . .

ඔබ වැඩි අරණේ සදුන් ගසක් වී . . . . . //
සිසිල සෙවනේ රදවන්නම්

බුදු සාධු . . . . .

ඔබගේ පියවර මැනුම් ඉදිරියේ . . . . . //
මුදු පා පිස්නක් වෙන්නම්

බුදු සාධු . . . .. .



ගායනය - නන්දා මාලනී




අම්මාවරුනේ . . . Ammawarune . . .

අම්මාවරුනේ… අම්මාවරුනේ…                              
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා....

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ…



ගායනය - නන්දා මාලනී



සසර වසන තුරු . . Sasara Wasana Thuru . . .

සසර වසන තුරු                                                                       නිවන් දකින තුරු . . . . //
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි . . . . . //

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා



ගායනය - පණ්ඩිත් අමරදේවයන්




දැයම පුබුදුව ලූ . . . Dayama Pubuduwalu . . .

දැයම පුබුදුව ලූ - නිමල පහන නිවුනා...                                
           
අවිදු අඳුර දුර ලූ -නුවන පහන නිවුනා...
සසුනඹර දිලින අප සෝම සමිඳ ඔබ
රහසේම නික්මී තිබුනා...

දොරේ ගලා ගිය දහම් ගඟුල සිඳුනා...
මහා කරුණාවෙන් මග නොමග සැදු
දහම් ගඟුල සිඳුනා - අකලට
දහම් ගඟුල සිඳුනා....

දැයම පුබුදුව ලූ . . . .

ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුනා...
මහා කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුනා - අකලට
දහම් ගඟුල සිඳුනා...

දැයම පුබුදුව ලූ . . . .



ගායනය - දයාන් විතාරණ


Wednesday, December 2, 2015

මිනිසා සුවඳයි . . . Minisa Suwadai Mala Se . . .

මිනිසා සුවඳයි මල සේ...                                         
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......

පොලවේ උරුමේ කියමින්...
බිලිදී විහිගුම් ගුණදම්..
දහසින් මියෙනා සටනින්..
අඟලේ හිමිකම් සොයමින්....

ලොව නහවා සෝ කඳුලින්..
සැනහේ.. ජය පැන් පුරමින්....

මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......

උණු ලේ විස වී සිරුරේ..
ඉසුරන් ගැටෙනා අතරේ...
ගිනි මල් පිපිලා අහසේ..
ඇවිලේ ගිනිදැල් සයුරේ...
සා පවසින් ඉකි බිඳිනා..
සුසුමෙන් යදියන් හෙලනා.....

මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......



ගායනය - සුනිල් එදිරිසිංහ



බානෙන් බැඳ රජරට . . . Banen Bada Rajayata . . .

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ....                                    
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ..
පිහියේ මුවහත ගෙල සිඹගන්නේ..
උදයම මේ කය නිසසල වන්නේ..

ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ..
උගෙන් මැඩු බැත දනට පුදන්නේ...
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ..
උගෙන් මැඩු බැත දනට පුදන්නේ...
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ...
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ....

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ....
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ..
පිහියේ මුවහත ගෙල සිඹගන්නේ..
උදයම මේ කය නිසසල වන්නේ..

කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ.....
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ..
කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ.....
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ..
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ..
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ..

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ....
දම්සක්වල ගල වැදී බිඳෙන්නේ...
ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ....
හිත් වල ඇයි කල ගුණ නොරැඳෙන්නේ....



ගායනය - සුනිල් එදිරිසිංහ


කොන්ඩ කිරිල්ලියේ . . . Konda Kirilliyee . . .

කොන්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා.....     කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද.......
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද කියාපන් එයා.......

කොන්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බන්දිනවාද......
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බන්දිනවාද කියාපන් එයා.......

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා....
පුංචි කට රතු කර සින්දු එහෙම කියනවාද එයා....
පුංචි කට රතු කර සින්දු එහෙම කියනවාද එයා....
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා.....

කොන්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බන්දිනවාද.......  කොන්ඩ කිරිල්ලියේ.......

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා....
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා......
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා......
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා....


කොන්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බන්දිනවාද.......  කොන්ඩ කිරිල්ලියේ.......



ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


පෙර දිනයක මා පෙම් . . . Peradinayaka Maa Pemkala . . .

පෙර දිනයක මා පෙම් කල යුවතිය                                
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා . . . . //

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා . . . //
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා . . . //
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා . . . //
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා පෙම් කල යුවතිය . . . .



ගායනය - පණ්ඩිත් අමරදේවයන්



බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති . . . Buduhamuduruwo Apith Dakinnathi . . .

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති                              

බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ . . . //

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්නට ඒකාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ

බුදු හාමුදුරුවෝ.......

අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ

බුදු හාමුදුරුවෝ........



ගායනය - වික්ටර් රත්නායක



මා සනසා . . . Maa Sanasa Maa Nalawa . . .

මා සනසා                                                                        
මා නලවා
සුරන්ගනාවන් පෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදි
සුරන්ගනාවන් පෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදි

විතත් මදු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉගිමරා රැගුම් පා
මුවට යා කලා . . . //

හැගුම් තෙරපිලාදෝ
හසුන් මුසවෙලා
සිහින ලොවක පාවෙඑ
සදුන් සිහිල යා‍වේ

මා සනසා . . . . .

රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගි
හිදිමි මගබලා . . . . //

හෙටත් සද උදාවී
රැයක් පැමිනිලා
සිහින ලොවට යාවි
සුරබ මා සොයාවී

මා සනසා . . . . .



ගායනය - මර්වින් පෙරේරා 





ලා දළු බෝ පත් . . . Laa Dalu Bopath . . .

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ                          යශෝදරා දේවී... 
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී . . . .

ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී . . . .

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ . . . //

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී
පහන් විය උදෑසනක් සේ . . . .

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ . . . .



ගායනය - කරුණාරත්න දිඋල්ගනේ





ලෝනා මුනි රාජගේ . . . Lona Muni Rajage . . .

ලෝනා මුනි රාජගේ                                                    

ශ්‍රී දළදා පෙන්වමී . . . //

මාගෙ හිසකේ ගර්භයෙහී . . . . //
සඟවාගෙන ආ සාදරෙන් . . . . //

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී . . . //

අත්ලට ස්‌වාමිගේ වඩවමී . . . //
දාඨාදා අප දියනා ගේ . . . . . //

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී . . . //



ගායනය - ඉවංකා පීරිස්



අජානේය ස්කූටර් . . . Ajaneya Iskootar . . .

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා                                            
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා . . . . . ////

සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා . .. . . . .

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා . . . . . . //



ගායනය – කරුණාරත්න දිවුල්ගනේ



කුලගෙදරින් දුම්බර කඳුවැටියේ . . . Kula gedarin Dumbara Kaduwatiye . . .

කුලගෙදරින් දුම්බර කඳුවැටියේ . . . . පතිකුලයට අද            

කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ . . . . //

වන ලන්දෙ හැංඟුනු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ . . . . .//
වාසනාවන් හරි වාසනාවන් . . . . . . ////

කුලගෙදරින්. . . . . .

දඹ රත්තරන් හැඩදා සොදින් කල
රූපයක් හැඟුමක් වගේ
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකාහේ තරුවක් වගේ . . . . . . . . . //
වාසනාවන් හරි වාසනාවන් . . . . . .////

කුලගෙදරින් . . . . .



ගායනය : බන්දුල විජේවීර



අහසයි ඔබ මට . . . Ahasai Oba Mata . . .

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන          
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි . . . . . . . . //

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා . . . .

අහසයි ඔබ මට . . . . . . . //

අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි ඔබ මට . . . . . . . . //                                                



ගායනය - සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී






තුන් හෙළේ කැලෑ තුළ . . . Thun Hele Kala Thula . . .

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු                       
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන් . . . . . . . . //

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍ වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින් . . . . . . //

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු . . . . .

අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර'රින් . . . . . . . //

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු . . .. . . .



ගායනය - විශාරද නන්දා මාලිනී





ඔබේ නමින් සෑය බඳිමි . . . Obe Namin Saya Badim . . .

ඔබේ නමින් සෑය බඳිමි                                                              
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර
ස්වර්ණමාලියේ . . . . . . //

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම පාන හඬට
සැලෙන ලියේ
කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි . . . . . . . .



ගායනය - ඩබ්ලිව් . ඩී. අමරදේව



ගඟට කපන ඉනි ගඟ දිය . . . Gagata Kapana Ini Gaga Diya . . .

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී                     
සැපට වැඩුණු කය පොලවට දිරා යතී
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා



ගායනය - සුනිල් එදිරිසිංහ



පුංචි කාලේ අපි . . . Punchi Kale Api . . .


පුංචි කාලේ අපි සිංදු කියපු හැටි                                               
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි . . . . . . //

ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇදිලා . . . . . //
රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා . . . . . . //

පුංචි කාලේ අපි . . . . . .

නැන්දලා මාමලා කඳමළු අරගෙන
එනවාලු ලේලි බලන් . . . . . . //
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන් . . . . . . . . //

පුංචි කාලේ අපි . . . . . . .

රංචු පිටින් නුඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉදපන් . . . . . . . //
මංගල මොහොතට තැලිපිලි අරගෙන
ලඟදිම මං එන්නම් . . . . . . . //

පුංචි කාලේ අපි . . . . . . . .



ගායනය : බන්දුල විජේවීර


අම්මා සඳකි . . . Amma Sadaki . . .


අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වූනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී . . . . .

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නො දැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ . . . . . . .


මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවෙනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ . . . . . . .


ගායනය - ටී.එම්.ජයරත්න