Thursday, March 10, 2016

තරුද නිදන මහ රෑ . . . Tharuda Nidana Maha Raa . . .

තරුද නිදන මහ රෑ                                                             
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ //

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්

තරුද නිදන මහ රෑ...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්

තරුද නිදන මහ රෑ... //

ගායනය - නන්දා මාලිනී


අහස සේ ඔබ අනන්තයි . . . Ahasa Se Oba Ananthai . . .

අහස සේ ඔබ අනන්තයි                                                       
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී



දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ . . . Dawasak Da Ra Wasantha Sanakeliye . . .

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..                                    

දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ..
ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

කලබල නගරේ යද්දී මද්දහනේ..
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පිරූ රිය හඬ මැද්දේ..
ඔහුගේ ගී හඬ හිත රැදුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ..
ඇයි හිත රිදවන්නේ - කිසිවක් නොකියන්නේ..
ඔහු අත වෙනතක බැඳලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ - කවුදෝ දන්නේ...//

දවසක් දා රෑ වසන්ත...

ගායනය : නීලා වික්‍රමසිංහ


හොඳ සිරියාවයි ආකාසේ . . . Hoda Siriyawai Akase . . .

හොඳ සිරියාවයි ආකාසේ                                                       
වාසනාවට ආදරේ //

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //                                              

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///


ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක




ලක් වැසියන් කෙරෙහි නැමී . . . Lak wasiyan Kerehi Nami . . .

ලක් වැසියන් කෙරෙහි නැමී                                             
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය :සුනිල් එදිරිසිංහ


ආදරේ ඔබ මා හට ඇතිද කියා . . . Adare Oba Ma Hata Athida Kiya . . .

ආදරේ ඔබ මා හට ඇතිද කියා                                              
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ මට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ පුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා
මා දෙන්නේ නෑ කිසිදා

මහ මුහුදේ යන අතරේ                                                                              

මම මුහුදට වැටුණෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන් ගොඩ එනවා

මහ කැළයේ යන විටදී
හොරු රැළකට අසුවේ නම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ ‍බේරන් මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

වෙන හිතකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ළලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මව් පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියෝතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්දා යනවා

ආදරේ ඔබ මා හට ඇතියි කියා
මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා


ගායනය - මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා, ජිප්සීස්



ඔබ නෙතු මා හා රන්දා . . . Oba Nethu Ma Randa . . .

ඔබ නෙතු මා හා රන්දා                                                             
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔබේ නෙතේ කැලුම්
සැමට පිදෙන ඔය නුරා බැලුම්
බොළඳ සිතින් සැදි පෙමේ කතාවෝ
ආදර සිත කලබයි
මා ආදර සිත කලතයි

ඔබ නෙතු................

සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර සිත සත්තයි.........

ඔබ නෙතු..........

ගායනය - චන්ද්‍රලේකා පෙරේරා



මේ භවයෙදි මුළු දිය දායේ . . . Me Bawayedi Mulu Diyadaye . . .

මේ භවයෙදි මුළු දිය දායේ                                             

එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක්ම වී ඔබ 
ඇයි මහ සාගරයක් වුයේ

ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ

මේ භවයෙදි මුළු දිය දායේ

සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පිට රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම් සදුන් හද ගලෙහි උලා 


ගායනය - නාරද දිසාසේකර




Wednesday, March 9, 2016

මල්ලියෙ නරක මිතුරන්...Malliye Naraka Mithuran...

මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා                                         

නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා
කළ පවු මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි aබොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය






හඳ පානක් සේ ඇවිදින් . . . Hadapanak se avidin . . .

හඳ පානක් සේ ඇවිදින්  ගම්මානෙන් මේ නගරෙට                                       

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට


දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ
මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ
අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන්  නුබ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ


ගායනය - අතුල & සමිතා










සිනාතොටක් විය ඔබ පාමුල . . . Sina Thotak Viya Oba Pamula ma . . .

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්                                                      
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනාතොටක් විය.......


ගායනය - නිරෝෂා විරාජනී


රුවන් තාරකා නුවන් පායලා . . . Ruwan Tharaka Nuwan Payala . . .

රුවන් තාරකා නුවන් පායලා                                                     

ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා

නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...//

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා

තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ..//

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා


ගායනය - බණ්ඩාර අතාඋද




දෑස නිලුපුල් තෙමා . . . Dasa Nilupul Thema . . .

දෑස නිලුපුල් තෙමා . .                                                                           
කඳුළු මුතුවැල් සලා . .
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ . . . .

නිහඩ හදවත් පොතේ ලියවුනු . .
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ . . . .

පබළු මිණිමුතු නැතේ මා සතූ . .
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .
තුෂර පිනි ලෙස මල් මතේ
කඳුලු පොකුරේ රැදේ . . . .

ගායනය - ගුණදාස කපුගේ



පාවේ වලා ඈත කඳු බලා . . . Pawe wala atha kadu bala . . .

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා....
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා

ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ....

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා

දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ
පහන් පෙම දිලේ....

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


එදා මෙදාතුර කඳුලට විවරවූ . . . Eda Medathura . . .

එදා මෙදාතුර කඳුලට විවරවූ                                                    
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


ගායනය - සනත් නන්දසිරි


Monday, February 22, 2016

ඔබ ඈත සඳ වී... oba atha sanda wee....

ඔබ ඈත සඳ වී පායා                                                                             

මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා 
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ 
නෙත් සරින් පමණි හමුවුයේ
ඒ ඈත් බවිනි හද බැඳුනේ 
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

ඔබ ඈත සඳ වී පායා  . . . . . 

මධු සඳ තරු අද හමුවීලා 
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා 
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා . . . . . .


ගායනය - බණ්ඩාර අතාවූද 



කලා වැව හිඳෙනවා..Kalaa wawa hindenawa...

කලා වැව හිඳෙනවා                                                                   
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා 
ආයෙමත් හැදෙනවා..//

හිඳුන වැව් පතුළේ 
කටු කොහොලු පෙනෙනවා
රිදුන හිත් මඬලේ 
සෝ සුසුම් දැවෙනවා

කලා වැව හිඳෙනවා 
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා 
ආයෙමත් හැදෙනවා..

පිරුණු වැව් ජලයේ 
සුදු නෙලුම් සරනවා
හැදුන හිත් මඬලේ 
පෙම් සුවඳ දැනෙනවා...

කලා වැව හිඳෙනවා 
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා 
ආයෙමත් හැදෙනවා..

ගායනය - අමරසිරි පිරිස් 










පලංචියේ ලී ඉරුවේ... palanchiye lee iruwe...

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට                                                     

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවණේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුණේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට


ගායනය - එඩ්වඩ් ජයකොඩි සමග සුනිල් එදිරිසිංහ 









මිනිසෙකු පිට නැගි...Miniseku pita nagi...

මිනිසෙකු පිට නැගි අසරුවෙකි                                                    
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...//

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...

ඉරනම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසෙනකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...//

ගායනය - සුනිල් එදිරිසිංහ 



අද දීගෙක...ada digeka..

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා                                             
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනිවීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//

මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා  උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා වැටුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනිවීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//


ගායනය - සුනිල් එදිරිසිංහ 






රෝස කුසුමක් පිපී... Rosa Kusumak Pipee...

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී                                                                             
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපී...

මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුලුවෙන්...//
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා වදනින් නොහැඟෙනා අරුතින්...

රෝස කුසුමක් පිපී . . . . . . 

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත එලා සිටි ඒ ආදරෙන්...//
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින්...

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපී...


ගායනය - සුනිල් එදිරිසිංහ






බත කා ඉවරයි... batha kaa iwaray...

බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාළේ...

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටාත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ...

අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ...

ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුනා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුනා...

සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා                                               

හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළවේ කැති ගහලා...

කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්

පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ...

සිංහල දරුවන් උඩ විසි කරලා

අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනග මැද යම යුද්දේ...

කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්

අට ඉස්බෙක් විසිවී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා...


ගායනය -  සුනිල් එදිරිසිංහ





Saturday, January 30, 2016

රන් මලක් ලෙස . . . Ran malak lesa . . .

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ                                    
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවු කොණේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයේ නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ...

ළෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්..

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...

මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ
නෑ සියන් සොයුරන් ඔබේ දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අප යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ


ගායනය:සුනිල් එදිරිසිංහ



Friday, January 29, 2016

රජෙකු උනත් ගිළන් වෙලා..rajeku unath gilan wela...

රජෙකු උනත් ගිළන් වෙලා .. . . . . . /                                                  
එක් තැන් උණදා කියනවාට සැකයක් නෑ . . . .
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා . . . . .  //


ඉසුරු සමග හාද වෙලා  . . . . . /
නොසතුට ආදා දැනෙනවාට සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් වෙන ලොවේ කොයින්දා . . . . . . //


බැරි උනදා නෑදෑයන්  . . . . . /
අත හැර ගියදා හිතෙනවාට සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා . . . . . . . . //






Sunday, January 24, 2016

දෑවැදි දෙන්නට...dawadi dennata...

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති                                                    
ගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ 
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ...//

විරසක වීලා විරහ අපලයෙන් 
නුඹේ ඉරණම නුඹ ළඟට නොයේ 
නිදි බර දෑසයි දැළි ගෑ මුණයි 
ළිප මුල්ලේ යෞවනය ගෙවේ...

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති...

රන් දම් පැළඳිය යුතු ගෙළ වට කර 
නව ගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී 
තනිකඩ කම කොච්චරද අගේ...

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති...

ගායනය: සුනිල් එදිරිසිංහ 



වියෝවූ පසුවයි . . . wiyowu pasuwayi . . .

වියෝවූ පසුවයි දැනෙන්නේ  ප්‍රේමයේ අබිමන්                                   

හැඬු දා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...//

ඉවුරු දෑලේ හිඳ බැලු විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි...

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ  ප්‍රේමයේ අබිමන්...

ගායනය : සුනිල් එදිරිසිංහ




සාරි පොඩිත්තක් ඇඳගන . . . Sari Podiththak Adagana . . .

සාරි පොඩිත්තක් ඇඳගන                                                          

මාල පොඩිත්තක් බැඳගන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කථා කරලා මංගල්ලේ නියම කරාවි . . . .  //

රණ්ඩු කරලා සිංදු කියල 
තොරන් බැඳලා රෑහැන් ඇඳලා . . //
පාවඩ පිට මනාලයා ගෙදරට එවී
ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවි  .  //

සාරි පොඩිත්තක් ඇඳගන . . . 

තක්කිට තරිකිට කියලා
තිරික්කලේ අපි යනකොට . .  //
අහල පහල ඉන්න ඈයෝ බලා ඉඳීවී
බලා ඉඳල අපි දෙන්නට විහිළු  කරාවී .  //

සාරි පොඩිත්තක් ඇඳගන . . . .

එතනෝ සුමනෝ නාඩ ඉඳින්
සිකුරු තරුව පායනකන් . . //
ඔයාලාටත් පිරිමි කෙනෙක් බැල්ම හෙලාවී
බැල්ම හෙලලා තවත් ගමක් එලිය කරාවී . //

ගායනය - නන්දා මාලනී 







කඳුළු කතාවේ නිමක් දුටුව දා . . . Kadulu Kathawe Nimak Dutuwa Da . . .

කඳුළු කතාවේ නිමක් දුටුව දා                                                      

සිහින ලතාවේ මලක් පිපුණු දා ....
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැදුනා..

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමෙන් මැකී ...
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දෙන්
අපේම ලොව අපි තනි වුවේ

සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා
ගෙවූ අතීතේ අපි සමුගන්නෙම්
අලුත් ලොවක රන් කිරුළු දරා


ගායනය - ආචාර්ය ඩබ්ලිව් . ඩී. අමරදේව


ගමන නොනිමෙයි ලෝකයේ . . . Gamana Nonimei Lokaye . . .

ගමන නොනිමෙයි ලෝකයේ මේ                                      

පුරුදු ජීවන මං තලේ//
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ/

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මං තලේ/
ගලා බසී දිය පහර හෙමින්
වැලි තලා සදා සමතලා බිමේ//

හැපී ගලක යළි සලා වැටුම් දී
නඟා නඟා හඬ දිවේ දිවේ/
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ/

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මං තලේ/
කොහේ ද සීතල ජලාසයක රැලි
ගැටී ගැටී එන සුළං වැදී//

අපේ ම සිරුරේ අපේම ඩාදිය
නිවී නිවී යයි සුළං වැදී/
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ/

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මං තලේ//

ගයනය - නාරද දිසාසේකර


ඔබ ඈත සඳ වී පායා . . . Oba atha Sada Vi Paya . . .

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා...                                                        


මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූවේ
ඒ ඈත් බවෙහි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමු වීලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා


ගායනය - විශාරද බණ්ඩාර අතාවුද


කඳුලක් වැටේනම් පිසලන්න . . . Kadulak Wate nam Pisalanna . . .

කඳුලක් වැටේනම් පිසලන්න ආයේ                                          
ඔබ හමුවන්නේ කවදාද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා

අප හමුවුණු ඒ ගහකොල කොතැනේ
සිත රිදවන්න මෙසේ
ආදර ලොවකට කොතැනද මායිම්
වෙන්වුනු හිත්වල මතක ලොවේ
එක්වන්නට බැරිනම්

සිත සිහිනයකී නෙත එක රැයකී
යළි සසදන්න බැරී
පාළුව තනිකම විඳගත හැකිනම්
ලං වුනු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරිනම්


ගායනය : රෝහණ බෝගොඩ


සිහිල් සුළං රැල්ලෙ . . . Sihil Sulan Ralle . . .

සිහිල් සුළං රැල්ලෙ
ඔබෙි සුවඳ මුසුවෙි . . . . . . . //
ආදරයේ මද සිනිදු පහස ලැබ
හදවත දලු සෙලවෙි . . . . .

සිහිල් සුළං රැල්ලෙ . . . . .

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොවිතුරු රස ගංගා . . . . . . . . //
ඔබෙි ආදරයේ වරුසා වැහැලා
කතර දෙවි ලොවක් වෙි . . . . . /

සිහිල් සුළං රැල්ලෙ . . . . . . 


සීත හිමවිවෙි කදු ගැට අතරේ
සෙනෙහස දිය දහරා . . . . . . //
ඈත හිමෙ කදු අතරේ පාවෙන
අමා සුවය ඇතිවෙි . . . . . . . //


සිහිල් සුළං රැල්ලෙ . . . . . . .


ගායනය - වික්ටර් රත්නායකයන්



කැරකෙන රෝදේ . . . karakena rode . . .

කැරකෙන රෝදේ පුංචි කරත්තේ...
ඉඳගෙන මම ඉන්නේ...
පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ...

කැඩුණු පාවහන් කුඩ නිමවාලා...
දවසේ වියදම සරි කරවාලා..
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ...

කිරි කැටි දෙඅතේ සවිබල දියවේ...
පමා උනොත් අප මහ මග තනිවේ..
අම්මා මග ඇති නෙත් හරවාගෙන තල්ලු කරන පුතුනේ...

කැරකෙන රෝදේ පුංචි කරත්තේ...
ඉඳගෙන මම ඉන්නේ...
පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ...

ගායානය - එඩ්වඩ් ජයකොඩි




ඉකි ගසා හඬන අතීතයක . . . iki gasaa handana athithayaka . . .

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනු දෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...                                  

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලණු බැරි තැන උණු කඳුළුම වගුරුවණා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

ගායනය - අමරසිරි පිරිස්



Saturday, January 23, 2016

පිනිබිඳු මුතු මල් සැණකෙළියේ . . . Pinibidu Muthu Mal Sanakeliye . . .

පිනිබිඳු මුතු මල් සැණකෙළියේ
අරුණෝදේ දිනකර නැගෙනා                                               
දවසේ මෙහෙවර පිණිස නික්මයන
සොහොයුර සොයුරිය වාසනා...

අරුණ කිරණ විල තඹුරු පිපීලා
නැවුම් පැතුම් හද උපදින්නේ
රට දැය නැගුමට  උර දෙන දන හට
සිතුම් පැතුම් හැම ඉටුවන්නේ...

පිනිබිඳු මුතු මල් සැණකෙළියේ...

සැමය සවිය අද දවසේ ඔබගේ
ඉසුරු සදයි මතු අනාගතේ
තම සතු මෙහෙවර ඉටුකොට දවසේ
පලක් ගැනුම ඇත ඔබේ අතේ...

පිනිබිඳු මුතු මල් සැණකෙළියේ...


ගායනය - ස්වර්ණලතා කවීශ්වර




Saturday, January 16, 2016

කන්දේ ලන්දේ . . . kande lande . . .

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ
සුව පහසේ වාසේ ගම්මානේ...

වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජළාසේ                                   
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මවු තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ ගම්මානේ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ
සුව පහසේ වාසේ ගම්මානේ...

ඇල් හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ
සුව පහසේ වාසේ ගම්මානේ...


ගායනය - රෝහණ බැද්දගේ