Monday, February 22, 2016

ඔබ ඈත සඳ වී... oba atha sanda wee....

ඔබ ඈත සඳ වී පායා                                                                             

මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා 
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ 
නෙත් සරින් පමණි හමුවුයේ
ඒ ඈත් බවිනි හද බැඳුනේ 
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

ඔබ ඈත සඳ වී පායා  . . . . . 

මධු සඳ තරු අද හමුවීලා 
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා 
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා . . . . . .


ගායනය - බණ්ඩාර අතාවූද 



කලා වැව හිඳෙනවා..Kalaa wawa hindenawa...

කලා වැව හිඳෙනවා                                                                   
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා 
ආයෙමත් හැදෙනවා..//

හිඳුන වැව් පතුළේ 
කටු කොහොලු පෙනෙනවා
රිදුන හිත් මඬලේ 
සෝ සුසුම් දැවෙනවා

කලා වැව හිඳෙනවා 
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා 
ආයෙමත් හැදෙනවා..

පිරුණු වැව් ජලයේ 
සුදු නෙලුම් සරනවා
හැදුන හිත් මඬලේ 
පෙම් සුවඳ දැනෙනවා...

කලා වැව හිඳෙනවා 
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා 
ආයෙමත් හැදෙනවා..

ගායනය - අමරසිරි පිරිස් 










පලංචියේ ලී ඉරුවේ... palanchiye lee iruwe...

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට                                                     

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවණේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුණේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට


ගායනය - එඩ්වඩ් ජයකොඩි සමග සුනිල් එදිරිසිංහ 









මිනිසෙකු පිට නැගි...Miniseku pita nagi...

මිනිසෙකු පිට නැගි අසරුවෙකි                                                    
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...//

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...

ඉරනම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසෙනකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...//

ගායනය - සුනිල් එදිරිසිංහ 



අද දීගෙක...ada digeka..

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා                                             
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනිවීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//

මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා  උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා වැටුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනිවීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//


ගායනය - සුනිල් එදිරිසිංහ 






රෝස කුසුමක් පිපී... Rosa Kusumak Pipee...

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී                                                                             
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපී...

මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුලුවෙන්...//
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා වදනින් නොහැඟෙනා අරුතින්...

රෝස කුසුමක් පිපී . . . . . . 

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත එලා සිටි ඒ ආදරෙන්...//
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින්...

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපී...


ගායනය - සුනිල් එදිරිසිංහ






බත කා ඉවරයි... batha kaa iwaray...

බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාළේ...

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටාත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ...

අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ...

ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුනා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුනා...

සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා                                               

හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළවේ කැති ගහලා...

කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්

පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ...

සිංහල දරුවන් උඩ විසි කරලා

අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනග මැද යම යුද්දේ...

කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්

අට ඉස්බෙක් විසිවී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා...


ගායනය -  සුනිල් එදිරිසිංහ