Thursday, March 10, 2016

තරුද නිදන මහ රෑ . . . Tharuda Nidana Maha Raa . . .

තරුද නිදන මහ රෑ                                                             
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ //

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්

තරුද නිදන මහ රෑ...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්

තරුද නිදන මහ රෑ... //

ගායනය - නන්දා මාලිනී


අහස සේ ඔබ අනන්තයි . . . Ahasa Se Oba Ananthai . . .

අහස සේ ඔබ අනන්තයි                                                       
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී



දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ . . . Dawasak Da Ra Wasantha Sanakeliye . . .

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..                                    

දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ..
ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

කලබල නගරේ යද්දී මද්දහනේ..
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පිරූ රිය හඬ මැද්දේ..
ඔහුගේ ගී හඬ හිත රැදුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ..
ඇයි හිත රිදවන්නේ - කිසිවක් නොකියන්නේ..
ඔහු අත වෙනතක බැඳලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ - කවුදෝ දන්නේ...//

දවසක් දා රෑ වසන්ත...

ගායනය : නීලා වික්‍රමසිංහ


හොඳ සිරියාවයි ආකාසේ . . . Hoda Siriyawai Akase . . .

හොඳ සිරියාවයි ආකාසේ                                                       
වාසනාවට ආදරේ //

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //                                              

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///


ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක




ලක් වැසියන් කෙරෙහි නැමී . . . Lak wasiyan Kerehi Nami . . .

ලක් වැසියන් කෙරෙහි නැමී                                             
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය :සුනිල් එදිරිසිංහ


ආදරේ ඔබ මා හට ඇතිද කියා . . . Adare Oba Ma Hata Athida Kiya . . .

ආදරේ ඔබ මා හට ඇතිද කියා                                              
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ මට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ පුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා
මා දෙන්නේ නෑ කිසිදා

මහ මුහුදේ යන අතරේ                                                                              

මම මුහුදට වැටුණෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන් ගොඩ එනවා

මහ කැළයේ යන විටදී
හොරු රැළකට අසුවේ නම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ ‍බේරන් මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

වෙන හිතකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ළලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මව් පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියෝතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්දා යනවා

ආදරේ ඔබ මා හට ඇතියි කියා
මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා


ගායනය - මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා, ජිප්සීස්



ඔබ නෙතු මා හා රන්දා . . . Oba Nethu Ma Randa . . .

ඔබ නෙතු මා හා රන්දා                                                             
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔබේ නෙතේ කැලුම්
සැමට පිදෙන ඔය නුරා බැලුම්
බොළඳ සිතින් සැදි පෙමේ කතාවෝ
ආදර සිත කලබයි
මා ආදර සිත කලතයි

ඔබ නෙතු................

සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර සිත සත්තයි.........

ඔබ නෙතු..........

ගායනය - චන්ද්‍රලේකා පෙරේරා



මේ භවයෙදි මුළු දිය දායේ . . . Me Bawayedi Mulu Diyadaye . . .

මේ භවයෙදි මුළු දිය දායේ                                             

එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක්ම වී ඔබ 
ඇයි මහ සාගරයක් වුයේ

ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ

මේ භවයෙදි මුළු දිය දායේ

සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පිට රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම් සදුන් හද ගලෙහි උලා 


ගායනය - නාරද දිසාසේකර




Wednesday, March 9, 2016

මල්ලියෙ නරක මිතුරන්...Malliye Naraka Mithuran...

මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා                                         

නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා
කළ පවු මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි aබොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය






හඳ පානක් සේ ඇවිදින් . . . Hadapanak se avidin . . .

හඳ පානක් සේ ඇවිදින්  ගම්මානෙන් මේ නගරෙට                                       

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට


දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ
මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ
අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන්  නුබ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ


ගායනය - අතුල & සමිතා










සිනාතොටක් විය ඔබ පාමුල . . . Sina Thotak Viya Oba Pamula ma . . .

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්                                                      
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනාතොටක් විය.......


ගායනය - නිරෝෂා විරාජනී


රුවන් තාරකා නුවන් පායලා . . . Ruwan Tharaka Nuwan Payala . . .

රුවන් තාරකා නුවන් පායලා                                                     

ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා

නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...//

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා

තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ..//

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා


ගායනය - බණ්ඩාර අතාඋද




දෑස නිලුපුල් තෙමා . . . Dasa Nilupul Thema . . .

දෑස නිලුපුල් තෙමා . .                                                                           
කඳුළු මුතුවැල් සලා . .
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ . . . .

නිහඩ හදවත් පොතේ ලියවුනු . .
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ . . . .

පබළු මිණිමුතු නැතේ මා සතූ . .
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .
තුෂර පිනි ලෙස මල් මතේ
කඳුලු පොකුරේ රැදේ . . . .

ගායනය - ගුණදාස කපුගේ



පාවේ වලා ඈත කඳු බලා . . . Pawe wala atha kadu bala . . .

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා....
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා

ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ....

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා

දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ
පහන් පෙම දිලේ....

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


එදා මෙදාතුර කඳුලට විවරවූ . . . Eda Medathura . . .

එදා මෙදාතුර කඳුලට විවරවූ                                                    
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


ගායනය - සනත් නන්දසිරි