මගේ හිත වෙනතක යාවී ඇති බව . . . Mage Hitha Wenathaka yavi athi bawa . . . .

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක...

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ

මගේ හිත වෙනතක...


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සරත් දසනායක




Comments

Popular posts from this blog

සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .

මිනිසා සුවඳයි . . . Minisa Suwadai Mala Se . . .

මේ රට මගෙ රට . . . Mey Rata Mage Rata . . .