පෙම්වන්තයින් සේ සිනා සී . . . . Pemwanthain Se Sina Si . . . .

පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා..

ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්..

මිහිරාවියේ කෝ ඔබේ..
වදනින් මැවූ ආදරේ..
ඔබ මීදුමක් සේ ගලා..
දුර ඈත පාවී ගියා..

පෙම්වන්තයින් සේ...

රෑ සීතයක් සේ සිතා
සැනැහී හිදින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි සිතේ..

පෙම්වන්තයින් සේ...

ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : ෂෙල්ටන් විජේරත්න
සංගීතය : සුනිල් ධර්මසේන




Comments

Popular posts from this blog

සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .

මිනිසා සුවඳයි . . . Minisa Suwadai Mala Se . . .

මේ රට මගෙ රට . . . Mey Rata Mage Rata . . .