Posts

Showing posts from 2018

සුසුමන් පාවී හැඟුමන් යාවී . . . . . Susuman Pavi Haguman yavi . . . .

Image
සුසුමන් පාවී හැඟුමන් යාවී                                                  මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී

නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී

සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී

මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ

සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී

ආදර දෙවොලේ පිදු මල් පර වී ////


ගායනය - අතුල ශ්‍රී ගමගේ


හදාගන්න මේ හිත මාගේ . . . . . Hadaganna Me hitha Maage . . . . . .

Image
හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..                           දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා..
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ලා ලා ලාල ලා ලලලා....
ලා ලා ලාල ලා ලලලා....

නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

ගායනය : සෙන්ටිග්‍රේඩ්ස්(Centigradz)
පද රචනය : සජිත් දිල්පහන්
සංගීතය : තුසිත් නිරෝෂන


ඇසිපිය නටයි ඔබ දුටුවම . . . . . Asipiya Natai Oba Dutuwama . . . . .

Image
ඇසිපිය නටයි ඔබ දුටුවම                                            හැඩකාරියේ..
සිත උමතුවෙයි ඔබ රුව නිසා
දඟකාරියේ..

මුහුණෙ පෙම් පාට
සිරුරෙ පින් පාට
දුටු මගේ සිල් බිදෙයි..
සිතැඟි කිති කවන ඔබෙ මුකුළු රැලට
බැදෙමි සත්තයි ලදේ..

සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා..
හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..

ලෙලදෙනා නිතඹේ හැටී අයැදින්නද සමා ඔබෙන්..
නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කළා නෙතින්..
රුවැති යුවතියෙගි කොපුල සිපගන්න පමණක් තිබේ..
සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ..

සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා..
හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..

ගායනය : සෙන්ටිග්‍රේඩ්ස් (Centigrade)
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : තුසිත් නිරෝෂන්


රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ . . . . Ra Pal Rakina Kurahan Pahena Hene . . . .

Image
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ                
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද 
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි

ගායනය : අබේවර්ධන බාලසූරිය 
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක 



මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් . . . . Malaka Meleka Hitha Ganna Bari Athakin . . . .

Image
මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්                                   
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ //

රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට //
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී

මලක මෙලෙක.....

ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි //
හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ

මලක මෙලෙක.....

ගායනය : අබේවර්ධන බාලසූරිය 
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: රෝහණ වීරසිංහ 



බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා . . . . Babareku Adwa Malak Lagadi . . . .

Image
බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා                                   
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා 
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා 

ලන්ද එහා ඇති ඕවිට පාමුල 
කේතකි මල මට බහ දුන්නා 
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව 
ඉකිබිඳිමින් බඹරිඳු කීවා 

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා 
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා 

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක 
ඇයටත් හරියට දුක හිතුණා 
එහෙනම් මා වෙත පියඹා එන්නයි 
සෙනෙහෙ සිතින් ඒ මල කීවා 


බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා



ගායනය - නිරංජලා සරෝජිනී, අ‍බේවර්ධන බාලසූරිය
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්








රැලකින් තනි වී වනමැද සරනා . . . . . Ralakin Thani Vi Wana Mada Saranaa . . . . .

Image
රැලකින් තනි වී වනමැද සරනා                             
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනි වී...

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා

රැලකින් තනි වී...


ගායනය - අබේවර්ධන බාලසූරිය
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - රෝහණ වීරසිංහ



කල්පනා ලොව මල් වනේ . . . . . . . Kalpana Lowa Mal Wane . . . . .

Image
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ                                                                                                          
ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ...

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ...


ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - අජන්තා රණසිංහ



පියාණනී මා නැවත උපන්නොත් . . . . . . Piyanani Maa Nawatha Upannoth . . . . .

Image
පියාණනී මා නැවත උපන්නොත්                               
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනී මා නැවත උපන්නොත් 
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණනී මා නැවත උපන්නොත් 
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා


ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න



දිනෙක මතුදා දෛවයෝගෙන් . . . . . . Dineka Mathu Daa Daiwayogen . . . . .

Image
දිනෙක මතුදා දෛවයෝගෙන්                                                    
ඔබව හමුවී නම්..
සිතැඟි ඉවසා වේදනා දුන් 
ආදරේ මා පවසන්නම්..//

බැදි ආදරේ සඟවා හිතේ 
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නැ - මා කීවේ නැ 
හඬනා හැඟුම් පෙන්නා ළයේ.. 
ආදරෙන් අමතාවී..

දිනෙක මතුදා....

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන් 
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා 
මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..

දිනෙක මතුදා...

ගායනය : අබේවර්ධන බාලසූරිය 



භවයෙන් භවේ පැතුමන් පුරා . . . . . Bhawayen Bhawe Pathuman Pura . . . . .

Image
භවයෙන් භවේ පැතුමන් පුරා                                                          
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී... 
නදීෂානී... නදීෂානී...

නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් සලා 
පිපි මල් සිනාවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ළං වෙලා 

භවයෙන් භවේ පැතුමන් පුරා...

නටඹුන් අතීතේ දෑතින් වසා
අද මෙන් සදා කල් සනසන්න මා 
දිවි මං තලාවේ සෙවණක් සොයා 
යුගයෙන් යුගේදී හමුවන්න මා

භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී... 
නදීෂානී... නදීෂානී...

නදීෂානී... නදීෂානී... 
නදීෂානී... නදීෂානී... //


ගායනය - අබේවර්ධන බාලසූරිය






නිසංසලේ මා තනියෙන් . . . . . Nisansale Maa Thaniyen . . . . . .

Image
නිසංසලේ මා තනියෙන්                              
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ මා තනියෙන්

නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්...

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන්...


ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුසුම් පීරිස්



ගංඟා එන්නකෝ ගංඟා . . . . . Ganga Ennako Ganga . . . . .

Image
ගංඟා එන්නකෝ ගංඟා..                                                         
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා..

දිරු ඉපල් අත් දඬු ඔසවාගෙන 
නියඟෙන් දා ගිය සිරුර වාරු කර..//
බලා සිටිද්දී මා..අහක බලාගෙන ගලා ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ..

ගංඟා එන්නකෝ ගංඟා...

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව..//
හඬා වැටෙද්දී මා..පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ...

ගංඟා එන්නකෝ ගංඟා...

ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න 















මගෙ හිත පිරී තිබෙන්නේ . . . . . Mage Hitha Piri Thibenne . . . .

Image
මගෙ හිත පිරී තිබෙන්නේ                               
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ


අප ළං කරවා 
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා 
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි


මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ


කඳුළැල් මැදුරේ 
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන් 
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි ///


ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන






බොඳ මීදුම් කඳුරැල්ලේ . . . . . Boda Midum Kadu Ralle . . . . . .

Image
බොඳ මීදුම් කඳුරැල්ලේ..                                                     
සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා..මටත් වාසනාවන්..

හිතක තැවුල් සංසිඳිලා..
මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා..මටත් වාසනාවන්..                                                       

රෑ සියන්ගේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..

සිහින නදී රළ...

මාල හතක් පළදන්නට..
හීන හතක් එලිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා..
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..

මටත් වාසනා හෙටත් වාසනාවන්..///


ගායනය : අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
පද රචනය : අජන්තා රණසිංහ
“බොඳ මීදුම්“ චිත්‍රපටයේ ගීතයක්



නිල් උපුලී මල් කැකුළී . . . . . Nil Upuli Mal Kakuli . .. . . . .

Image
නිල් උපුලී මල් කැකුළී                  නිල් උපුලී මල් කැකුළී
මගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවී //
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මාගේ ළයේ පෙම් කල්පනා
නෑවීලා යාවී ඉන් මා සෑහේවී //
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී


ගායනය - කීර්ති පැස්කුවෙල්


සඳ නිදනා රෑ යාමේ දිලෙනා තරු පොකුරේ . . . . . sada Nidana Ra Yaame Dilenaa Tharu Pokure . . . . .

Image
සඳ නිදනා රෑ යාමේ දිලෙනා තරු පොකුරේ                     අරුන්දතී වූවාදෝ සරසා දිවි ගමනේ
මුදු පවනේ තණ පලසේ වැතිරෙමි ඔබ තුරුලේ
සසර පුරා ආවාදෝ දැවටී හසරැල්ලේ

කදුළ නිවා මිහිර ගෙනා මසිත පුරා රැඟූ
කොඳ කැකුලේ මගේ සිහිනේ මල් පිපිනා දිනේ
නෙත රැදුනේ රූ වරුණේ සනසා සිත මාගේ
මහද විලේ පිපුණාදෝ මල් කැකුළී මාගේ

නෙතු කැල්මේ රත ලවනේ මිහිර සදා රැ‍ඳේ
මලවි කුලේ කුමරියනේ මල්සර වෙමි ඔබගේ
මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගේ රන් සමනළියේ

මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ

මගෙ රන් සමනළියේ


ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - මහේන්ද්‍රපැස්කුවල්
ගී පද - සුරම්‍ය මාපිටිය


කවිකාරියේ . . . . . Kavikaariye . . . . . .

Image
කවිකාරියේ                                                         සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //

දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීණා වයා තාලෙටා
කවි ගී අසා ආවේ මා

වීණා වයා කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා

හිඟමන් නොයා මාවතේ
මහදේ රැ‍ඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
අඳුරයි ඔබේ දෝතටා

දෙවි සාමිනේ මංදා අනේ
සිත මාගේ චංචල වෙලා

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //


ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

කඳුළ ඉතිං සමාවෙයන් . . . . . Kadula Ithin Samaweyan . . . . . . .

Image
අපි වෙන්වෙමු අද හවසට                                        මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න //

කළු වළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අළුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඬින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ
මගෙ සිහිනයේ මල් පිපෙන්න

කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න //


ගායනය - කීර්ති පැස්කුවල්


පායාලා මගේ ලොවේ . . . . . Payala Mage Lowe . . . .

Image
පායාලා මගේ ලොවේ                                                    කාගේදෝ සිනා දිලේ
උදෑසනේ සැඳෑසමේ
සදාදරේ නවාතැනේ
පායාලා මගේ ලොවේ

පාට පාට සිහිනේ මා
මල් පාරුවේ නැගීලා
නීල දෑස පැටලීලා
ඔබ හා ගියේ ඇඳීලා
මිහිරාවියේ මගේ
මා බැන්ද ආදරේ
හැමදාම මේ වගේ
අඩු නෑ මගේ සිතේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ

තාරකාව ඔබ නේදෝ
නිදනා සඳේ තුරුල්ලේ
මාළිගාව සිත නේදෝ
ඔබ මා තැනූ නිදැල්ලේ‍
මිහිරාවියේ අපේ
මේ පුංචි ලෝකයේ
මුතු වාගේ ආදරේ
දෙහදේ සදා දිලේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ
උදෑසනේ සැඳෑ සමේ
සදාදරේ නවාතැනේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා . . . . .Roosa Paata Me Handa Ahasama Palu Wela . . . . .

Image
රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා                              කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා

සිලිලාරෙක මුදු සීතල තවරා කියපු කතා
පුංචි පැටව් කාලේ අපි දෙවැටේ පැන නටලා
වනමල් පළඳා මගේ පුංචි මනමාලි වෙලා
එදා බැන්ද හිත තාම තියෙනවා ඔයා පතා
එදා බැන්ද හිත තාම තියෙනවා ඔයා පතා

කවට කමට හිටියාට ටිකක් අපි තරහා වෙලා
මුරණ්ඩුකම් හොඳ නෑ අපි දැන් ලොකු ළමයි වෙලා
බිඳෙන් බිඳම බැඳි ආදරයත් දැන් ලොකු වැවක් වෙලා
මේ හාදුව අරගන්නකො ඩිංගක් හිනා වෙලා
මේ හාදුව අරගන්නකො ඩිංගක් හිනා වෙලා

රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගිතය - සජිත් රාජපක්ෂ
ගී පද - චතුරිකා රන්සිමාලා

හද මාගේ සනසන්න සඳ රේණුවේ . . . . . . Hada Maage Sanasanna Sada Renuwe . . . . .

Image
හද මාගේ සනසන්න සඳ රේණුවේ                                හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ //

රහසේම සිප ගන්න ආවාද මන්දා
පෙම් සිහින හැඟුමන් හදේ කොඳුරලා
ආදරේ පෙම් පවස දැනිලාද මන්දා
ඔබේ ප්‍රේම හැඟුමන් හදේ විසිරිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ සෙනෙහේ

හද මාගේ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ                                         
පෙම් සිහින සිතුවම් මැවේ

රෑ අහසේ තරු රෑන හොරැහින් බලාලා
සඳ තරුද අපේ පෙමට ඉඟි බිඟි කලා
ඒ සිහිනේ පෙම අපගෙ තරු වාගේ දිලිලා
තරුවයි සඳයි සේම ඉමු එකට බැඳිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ සෙනෙහේ

හද මාගේ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ //


ගායනය - කීර්ති පැස්කුවෙල්, නිරෝෂා විරාජිනී
සංගීතය - කසුන් පැස්කුවෙල්
ගී පද - අනුර මාගලගේ





ඉස්සර ආදී කාලේ . . . . . Issara Aadi Kaale . . . . . .

Image
ඉස්සර ආදී කාලේ වයල වියෝලේ                           
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

හැඩවැඩ සාය හැට්ට බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

ට්‍රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

පෙර සිට පැවතෙන රස පද තාම තියේවී
කලියුග කාලෙ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා //



ගායනය - කීර්ති පැස්කුවල්




පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ . .. . . . . . . . Poojaneeya woo Prema Pasade . . . . .

Image
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ                               
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ                                                                       
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //



ගායනය - කීර්ති පැස්කුවෙල්, නන්දා මාලනී
සංගීතය - සරත් දසනායක
ගී පද - සුනිල් ආරියරත්න

'තරූ' ටෙලි නාට්‍යයෙන්